News & Events
2026 අර්ධ වාර්ෂික කීට විද්‍යා සමාලෝචන රැස්වීම
අර්ධ වාර්ෂික කීට විද්‍යා සමාලෝචන රැස්වීම 2026 අගෝස්තු මස 10 සහ 11 යන දෙදින තුළ මැලේරියා මර්දන ව්‍යාපාරයේ (AMC) ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය මැලේරියා නිලධාරීන් (RMO) සහ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් (HEO) සහභාගී වූහ.
මෙහිදී කීට විද්‍යාත්මක නිරීක්ෂණ, මැලේරියා වාහක මදුරුවන් පිළිබඳ නිරීක්ෂණය, වාහක මර්දන ක්‍රියාකාරකම්, කෘමිනාශක ප්‍රතිරෝධය ඇතුළු කීට විද්‍යාවට අදාළ සියලුම කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී. ක්ෂේත්‍ර මට්ටමේ අත්දැකීම් හා ගැටලු හුවමාරු කර ගැනීම මෙන්ම, මැලේරියා නැවත ස්ථාපනය වීම වැළැක්වීම සඳහා කීට විද්‍යාත්මක නිරීක්ෂණ සහ වාහක මර්දන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම ද මෙම සමාලෝචනයේදී සිදු කරන ලදී.