News & Events
හයිටි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන විශේෂ කාර්ය බලකා (STF) පොලිස් නිලධාරීන් සඳහා මැලේරියාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක සාම සාධක මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට සූදානමින් සිටින විශේෂ කාර්ය බලකායේ (STF) පොලිස් නිලධාරීන් වෙනුවෙන් මැලේරියාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 සැප්තැම්බර් 15 වන දින කළුතර පිහිටි විශේෂ කාර්ය බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. මැලේරියාව, එය බෝවන ආකාරය, වැළැක්වීමේ ක්‍රමවේද, රෝග ලක්ෂණ හඳුනා ගැනීම මෙන්ම රෝගය කඩිනමින් හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහන මගින් සිදු කෙරිණි. මැලේරියා අවදානමක් සහිත පරිසරයක සිදු කෙරෙන මෙම මෙහෙයුම අතරතුර නිලධාරීන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික වැළැක්වීමේ ක්‍රමවේද ඔවුන් වෙත ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ විය.