ප්‍රාදේශීය මැලේරියා මර්දන නිලධාරීන්ගේ (RMOs) 2026 දෙවන කාර්තුව තුල සමාලෝචන රැස්වීම News & Events

ප්‍රාදේශීය මැලේරියා මර්දන නිලධාරීන්ගේ (RMOs) 2026 දෙවන කාර්තුව තුල සමාලෝචන රැස්වීම

2026 - 08 - 21 Admin 46 වතාවක් නරඹා ඇත

මැලේරියා මර්දන ව්‍යාපාරයේ (AMC) ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ සියලුම ප්‍රාදේශීය මැලේරියා මර්දන නිලධාරීන්ගේ (RMOs) සහභාගීත්වයෙන්, ඔවුන්ගේ දෙවන කාර්තුව තුල සමාලෝචන රැස්වීම 2026 අගෝස්තු 20 සහ 21 යන දිනවල අනුරාධපුරයේදී පැවැත්විණි. එම වසර තුළ ක්‍රියාත්මක කරන ලද මැලේරියා වැළැක්වීමේ සහ නිරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ඇගයීමටත්, ප්‍රාදේශීය මට්ටමේ ජයග්‍රහණ සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමටත්, තවදුරටත් වැඩිදියුණු කළ යුතු ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත් මෙම සමාලෝචනය අවස්ථාවක් සලසා දුන්නේය. එසේම, අත්දැකීම් හුවමාරු කර ගැනීම, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කණ්ඩායම් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙන්ම, ශ්‍රී ලංකාව තුළ මැලේරියාව තුරන් කිරීමේ තත්ත්වය පවත්වාගෙන යාම සහ රෝගය නැවත ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අනාගත ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා ද මෙම රැස්වීම මහෝපකාරී විය.